දෙවැනි දිනයේත් වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට - කොදෙව්වන් 113-6


ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 113ක් ලබා සිටියි

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 41ක් රැස් කළ අතර, ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 20කට දැවී ගියා.

බෝනාර් එක් ලකුණකටත්, ෂායි හෝප් ලකුණු 10කටත්, රොස්ටන් චේස් ලකුණු 2කටත් දැවී ගිය අතර, ජොමෙල් වොරිකන් ලකුණු 1කට දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ක්යල් මේයර්ස් ලකුණු 22ක් ද, ජේසන් හෝල්ඩර් එක් ලකුණක් ද ලබා කඩුල්ලේ රැදී සිටියි.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගනිද්දී, ප්‍රවීන් ජයවික්‍රම කඩුලු දෙකක් ද ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් ද බිද හෙලීමට සමත් විය.

 



Recommended Articles